තෙල් නැවක්‌ කොල්ලකති ශ්‍රී ලාංකික 8ක්‌ සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ! Reviewed by Momizat on . ශ්‍රී ලාංකිකයන් අටදෙනකු (8 ක්‌) සමඟ මෙරට ජාතික ධජය යටතේ යාත්‍රා කළ තෙල් නැවක්‌ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ඊයේ (14 දා) පැහැරගෙන ගොස්‌ ඇත. කප්පම් ගැනීමේ ශ්‍රී ලාංකිකයන් අටදෙනකු (8 ක්‌) සමඟ මෙරට ජාතික ධජය යටතේ යාත්‍රා කළ තෙල් නැවක්‌ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ඊයේ (14 දා) පැහැරගෙන ගොස්‌ ඇත. කප්පම් ගැනීමේ Rating: 0

තෙල් නැවක්‌ කොල්ලකති ශ්‍රී ලාංකික 8ක්‌ සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ!

තෙල් නැවක්‌ කොල්ලකති ශ්‍රී ලාංකික 8ක්‌ සෝමාලියානු  කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ!

ශ්‍රී ලාංකිකයන් අටදෙනකු (8 ක්‌) සමඟ මෙරට ජාතික ධජය යටතේ යාත්‍රා කළ තෙල් නැවක්‌ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ඊයේ (14 දා) පැහැරගෙන ගොස්‌ ඇත.

කප්පම් ගැනීමේ අරමුණින් මුහුදු කොල්ලකරුවන් මෙම යාත්‍රාව පැහැරගෙන තිබෙන අතර එහි ගමන්ගත් පුද්ගලයන් පිළිබඳව ඊයේ දහවල් වනතෙක්‌ කිසිදු තොරතුරක්‌ අනාවරණය වී නොතිබිණි.

ඒරිස්‌ 13 නමැති මෙම නැව ඉන්දීය සාගරයේ යාත්‍රා කරන අවස්‌ථාවේ පැහැර ගැනීමට ලක්‌වී තිබේ.

මෙම නැවේ නාවිකයන් අටදෙනකු සිටි බව මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව කටයුතු කරන ඒඩ් ගෘප් විෂන්ස්‌ බිපොන්ට්‌ පයිරසි සමාගමේ ප්‍රකාශක කර්නල් ස්‌ටිව් පැවසීය. නැව සිටින ස්‌ථානය සොයාගැනීමේ ජී. පී. එස්‌. උපාංගය පවා අක්‍රීය කර ඇති බවට වාර්තා වී ඇත.

ඒරිස්‌ 13 නැවේ ගමනාන්තය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ බෝට්‌ටු දෙකක්‌ මගින් නිරීක්‍ෂණය කර තිබෙනවා යෑයි කර්නල් ස්‌ටිව් තවදුරටත් කීවේය.

මෙම නැව පැහැරගත් බවට වාර්තා වූ විගස යුරෝපා නම්පෝර් නාවික බළකායේ නිරීක්‍ෂණ යාත්‍රාවක්‌ විසින් නැවේ ගමනාන්තය විමර්ශනයට ලක්‌කර ඇත.

එහෙත් එක්‌වරම නැව අතුරුදන් වී ඇති බව එම නිරීක්‍ෂණ යාත්‍රාව මගින් වාර්තා කර ඇත.

2012 වසරින් පසු සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් නැවක්‌ පැහැරගත් මුල් අවස්‌ථාව මෙයයි. 2011 වසරේදී නැව් 237 කට ප්‍රහාර එල්ල කළ සෝමාලි මුහුදු කොල්ලකරුවන් එම නැව් මුදාහැරීමට කප්පම් ලබාගෙන තිබේ.

මේ අතර වරාය පාලක කපිතාන් නිමල් සිල්වා පැවසුවේ මෙම නැව ශ්‍රී ලංකාවේ කිසිදු වරායකට පැමිණ නැති බවයි.

Clip to Evernote

© 2015-2017 Powered by Sri Lankan Echo

Scroll to top