‘අර්ජුන සහ ධම්මික වරායෙන් ඉවත් කරන්න‘ – අර්ජුන ඉදිරිපිටදීම වරායේ සියළු වෘත්තීය සමිති එක හඬින් අගමැතිගෙන් ඉල්ලති..! අර්ජුන වියරු වැටේ Reviewed by Momizat on . කිසිදු සුදුසුකම් නැති සිය සහෝදර හැතිකරයක් වරායේ පරිපාලනයට යොදා ගනිමින් සහ ඔවුනගේ හොර අඹුවන්ට වරායේ තනතුරු පුදමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විනාශ මුඛයට ගෙන යන ඇම කිසිදු සුදුසුකම් නැති සිය සහෝදර හැතිකරයක් වරායේ පරිපාලනයට යොදා ගනිමින් සහ ඔවුනගේ හොර අඹුවන්ට වරායේ තනතුරු පුදමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විනාශ මුඛයට ගෙන යන ඇම Rating:

‘අර්ජුන සහ ධම්මික වරායෙන් ඉවත් කරන්න‘ – අර්ජුන ඉදිරිපිටදීම වරායේ සියළු වෘත්තීය සමිති එක හඬින් අගමැතිගෙන් ඉල්ලති..! අර්ජුන වියරු වැටේ

‘අර්ජුන සහ ධම්මික වරායෙන් ඉවත් කරන්න‘ – අර්ජුන ඉදිරිපිටදීම වරායේ සියළු වෘත්තීය සමිති එක හඬින් අගමැතිගෙන් ඉල්ලති..! අර්ජුන වියරු වැටේ

කිසිදු සුදුසුකම් නැති සිය සහෝදර හැතිකරයක් වරායේ පරිපාලනයට යොදා ගනිමින් සහ ඔවුනගේ හොර අඹුවන්ට වරායේ තනතුරු පුදමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විනාශ මුඛයට ගෙන යන ඇමැති අර්ජුන රණතුංග වරාය ඇමැතිධූරයෙන් ඉවත් කරන ලෙසත් ඔහුගේ සහෝදර ධම්මික රණතුංග වරායේ සභාපති ධූරයෙන් ඉවත් කරන ලෙසත් වරායේ සියළු වෘත්තීය සංගම් නියෝජිතයෝ අගමැතිවරයාගෙන් ඒකමතිකව එක හඬින් ඉල්ලා සිටියහ.

අද (11) උදෑසන අරලිය ගහ මැදුරේ පැවැති සාකච්ඡාවකදී අර්ජුන රණතුංග ද සහභාගී වී සිටියදී ඔහුගේ මුහුණ ඉදිරිපිටදීම සියළු වෘත්තීය සමිති නියෝජිතයන් අගමැතිවරයාගෙන් මෙලෙස ඉල්ලා සිටීම ලාංකීය ඉතිහාසයේ ඓතිහාසික සිද්ධියක් විය. ශ්‍රීලනිප වෘත්තීය සමිතියද අර්ජුන රණතුංග සහ ධම්මික රණතුංග ඉවත් කරන්නැයි ඉල්ලා සිටීම විශේෂත්වයක් විය.

අගමැතිවරයා විසින් කැඳවන ලද සාකච්ඡාවට වරාය නියෝජනය කරන සියළු වෘත්තීය සමිති වල නියෝජිතයන් පැමිණ සිටියහ. අර්ජුන රණතුංගද ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයාද අගමැතිවරයා සමග සහභාගී වී සිටියහ. වරායේ ගැටලු ගැනත් සේවකයන්ගේ වෘත්තීය ගැටලු ගැනත් සාකච්ඡා කෙරුණු අතර අවසානයේදී වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ අර්ජුන රණතුංග විසින් වරායේ ගෙන යන ඥාතී සංග්‍රහය විසින් වරාය විනාශ කරන බවයි. ඇමැතිවරයා සහ ඥාතීන් විසින් වරාය තුල ඒකාධිපති පාලනයක් ගෙන යන බවද වෘත්තීය සමිති නියෝජිතයන්ගේ චෝදනාවක් විය. වරාය තුල සම්භාහන මධ්‍යස්ථානයක් විවෘත කරමින් රණතුංගලාගේ හොර අඹුවන් වන කාන්තාවන් පිරිසක් ඉහල තනතුරු වලට පත් කරමින් වරාය තුල ගෙන යන පාලනයට දැඩි විරෝධය පළ කළ වෘත්තීය සමිති නියෝජිතයෝ ඇමැතිවරයාත් සභාපතිවරයාත් ඉවත් කරන ලෙස අගමැතිවරයාගෙන් එක හඬින් ඉල්ලා සිටියහ.

අලුත් අවුරුද්ද පසුවී තමන් තීන්දුවක් ගන්නා තුරු ඉවසන්නැයි අගමැතිවරයා වෘත්තී සමිති නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

මේ සාකච්ඡාව සම්බන්ධයෙන් වියරු වැටී ඇති ඇමැති අර්ජුන සිය මාධ්‍ය ලේකම් මගින් අමු පට්ට පල් බොරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී සාකච්ඡාවට නිමල් සිරිපාල සහ මලික් සමරවික්‍රම ඇමැතිවරුන් සහභාගී වූ වා යයිද සඳහන් කර ඇති නමුත් ඔවුන් එම සාකච්ඡාවට සහභාගී වූයේ නැත. වරාය වෘත්තීය සමිති නායකයන් නයි සහ මුගටි ලෙස හඳුන්වමින් ඇමතිවරයෙකුට කිසිසේත් නොගැලපෙන ක්‍රෝධ භාෂාවකින් මෙම මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන්ම අර්ජුන රණතුංග යනු ඇමැති ධූරයක කටයුතු කිරීමට කිසිසේත්ම නොගැලපෙන අයෙක් බව තහවුරු කර තිබේ. අර්ජුන රණතුංග යනු කලකින් සොයා ගැනීමට නොහැකි තකතීරු ඇමැතිවරයෙක් බව තහවුරු කෙරෙන අනෙක් සාධකය නම් තමාගේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම වෘත්තීය සමිති නායකයාටද මෙලෙස නයා මුගටියා කියා හැඳින්වීම ය. වරායේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතිය පසුගිය රාජපක්ෂලාගේ වනචර දශකයේ වරාය තුල ගෙන ගිය දූෂණයන්ට එරෙහිව නැගී සිටි ප්‍රබල වෘත්තීය සමිතියකි. එනිසාම එහි නායකයන් විශාල පිරිසකට රාජපක්ෂ යුගයේදී රැකියා අහිමි කළ අතර යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔවුනට සාධාරණය ඉටු කෙළේය. දැන් අර්ජුන රණතුංග වියරුවෙන් මෙන් අවලාද නගන්නේ එවන් වෘත්තීය සමිති නායකයන්ට ය.

LEN

Clip to Evernote

Comments (2802)